:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Sunday, May 10, 2020

කුමන ව්‍යසනකාරී අවස්ථාවක වුවත් අධ්‍යයන කටයුතු අඛණ්ඩව ගෙනයා යුත්තේ මේ ගෙවෙන කාලය නැවත ලබා ගත නොහැකි බැවිනි.වසර 12ක් පැවති බැමිනි තියාසාය සාගත කාලයේ පවා සිය අධ්‍යයන කටයුතු අත් නොහළ භික්ෂූන් නොසිටින්න අද වන්විට නිර්මල බුද්ධ වචනයේ සෑහෙන කොටසක් අපට අහිමි වී තිබෙන්නට තිබුනි.එබැවින් කෙසේ හෝ මේ අවස්තාවේදීත් ඉලක්ක අත්නොහැර කෙසේ හෝ ඉගෙනුම කළ යුතුය.ඒ සදහා රුකුලක් ලබාදීමට විද්‍යාලයයේ ආදි සිසුන් විසින් ලබාදී ඇති මාර්ගගත යෙදවුම බෙහෙවින් ප්‍රසංසා කට යුතුය.මෙමගින් පන්තිකාමරයේ සිට ඉගෙන ගන්නා ආකාරයටම ගුරු සිසු සබඳතාව පවත්වා ගත හැකිය.එකම වෙනස ගුරුවරයාගේ වේවැල් පහර නොලැබීමත් ඔබේ ගද සුවද නොදැනීමත් ය.
මේ සද් කාර්‍යයට මුලපුරා  ඒ වෙනුවෙන් වෙහෙසුනු ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති අරුන පියරත්න හා ප්‍රසන්න සමරසිංහ ඇතුලු ගරු මහතුන් අපගේ හර්දයාංගම කෘතවේදිත්වයට ලක් වේ.
දිනේවා තව සහස් කල් කලුතර  විදුහල් මාතා......
එම්.හර්ෂණ පීරිස්
විදුහල්පති
කලුතර විද්‍යාලයය





"In any event of disaster, studies should be continued because this period cannot be recovered. If there were no Buddhist monks who did not give up their studies even during the 12 years of Bamini thiyasaya, we would have lost a significant part of the pure Buddha's word today. The online application made by the alumni of the college should be greatly commended for their support. The difference is that the teacher-student relationship stays the same as you learn from the classroom. The President of the Past Pupils Association, Aruna Piyaratne and Prasanna Samarasinghe are grateful to the Hon."

2 comments:

  1. V class ක්‍රමය යටතේ මුල් ම පාඩම් කළ ගුරුවරයා වශයෙන් මම ඉතා සතුටට පත් වෙමි. අධ්‍යාපනයේ යහපත් නව මං සොයා යන මෙවන් අවධියක මෙවැනි ක්‍රමයක් හඳුන්වා දීම ඉතා අනගිභවනීය වේ. මෙවැනි වසංගත තත්ත්වයක දී ළමයින්ට ඇති වෙන අවාසි තත්ත්වයන් මෙවැනි V class මගින් මඟ හරවා ගත හැකිය. මෙවැනි ක්‍රමයක් හඳුන්වා දීමට මුල් වූ ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති අරුණ පියරත්න මැතිතුමාටත් ආදි ශිෂ්‍ය ප්‍රසන්න සමරසිංහ මැතිතුමාගේ ඒ වෙනුවෙන් කටයුතු කළ සියලු දෙනාටම මාගේ හද පිරි ස්තූතිය පුද කරමි. ආරම්භයේදී අඩුපාඩු තිබිය හැකිය. නමුත් අප උත්සාහ කළ යුත්තේ අඩුපාඩු නිවැරදි කර ගෙන ඉදිරියට යාමය.

    ReplyDelete
  2. How to get new time table please?

    ReplyDelete