කුමන ව්‍යසනකාරී අවස්ථාවක වුවත් අධ්‍යයන කටයුතු අඛණ්ඩව ගෙනයා යුත්තේ මේ ගෙවෙන කාලය නැවත ලබා ගත නොහැකි බැවිනි.වසර 12ක් පැවති බැමිනි තියාසාය සාගත කාලයේ පවා සිය අධ්‍යයන කටයුතු අත් නොහළ භික්ෂූන් නොසිටින්න අද වන්විට නිර්මල බුද්ධ වචනයේ සෑහෙන කොටසක් අපට අහිමි වී තිබෙන්නට තිබුනි.එබැවින් කෙසේ හෝ මේ අවස්තාවේදීත් ඉලක්ක අත්නොහැර කෙසේ හෝ ඉගෙනුම කළ යුතුය.ඒ සදහා රුකුලක් ලබාදීමට විද්‍යාලයයේ ආදි සිසුන් විසින් ලබාදී ඇති මාර්ගගත යෙදවුම බෙහෙවින් ප්‍රසංසා කට යුතුය.මෙමගින් පන්තිකාමරයේ සිට ඉගෙන ගන්නා ආකාරයටම ගුරු සිසු සබඳතාව පවත්වා ගත හැකිය.එකම වෙනස ගුරුවරයාගේ වේවැල් පහර නොලැබීමත් ඔබේ ගද සුවද නොදැනීමත් ය.
මේ සද් කාර්යයට මුලපුරා ඒ වෙනුවෙන් වෙහෙසුනු ආදි ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති අරුන පියරත්න හා ප්‍රසන්න සමරසිංහ ඇතුලු ගරු මහතුන් අපගේ හර්දයාංගම කෘතවේදිත්වයට ලක් වේ.
දිනේවා තව සහස් කල් කලුතර විදුහල් මාතා......
එම්.හර්ෂණ පීරිස්
විදුහල්පති
කලුතර විද්‍යාලයය