:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room




නාගොඩ මාටින් බංගලාව 1941 කළුතර දිස්ත්‍රික්කයේ බෞද්ධ දරුවන් උදෙසා අධ්‍යාපනය ලබාදීම සදහා ශ්‍රීමත් සිරිල්ද සොයිසා ප්‍රමුඛ කළුතර බෞද්ධ සමිතිය කළුතර නාගොඩ බෞද්ධ පාසලක් ආරම්භ කිරීමට උත්සහ ගත් අතර 1940 ඔක්තොබර් මස 19 වන දින 'කළුතර, නාගොඩ යෝජිත නව බෞද්ධ විද්‍යාලය' ශීර්ෂයෙන් යුතුව කළුතර බෞද්ධ සමිතිය විසින් කොළඹ අධ්‍යාපන අධ්‍යක්ෂකට ලිපියක් යැවූ අතර එහි මෙසේ සටහන් වේ. "කළුතර කටුකුරුන්ද හන්දියේ සිට සැතපුම් 1/8 දුරින් මතුගම, තෙබුවන පාරේ තට්ටු දෙකේ ගොඩනැගිල්ලක් සහිත අක්කර 11කින් යුතු ඉඩමක් යෝජිත පාසල බිහිකිරීම සදහා වටිනාකමින් 1/3ක මුදලකට එනම් රු.50000/- කට වර්තමාන අයිතිකරුගෙන් මිලදී ගෙන ඇති බවත්, එහි පංතිකාමර 40කට ඉඩකඩ සැලසිය හැකි බවත්, මිශ්‍ර ඉංග්‍රීසි පාසලක් ආරම්භ කිරීම අරමුණ බවත්, නේවාසිකාගාරයක් ආරම්භ කිරීමට බලාපොරොත්තු වන බවත්, ඉදිරියේදී බාලක හා බාලිකා වශයෙන් පාසල් දෙකක් බිහිකිරීම අරමුණ බවත්, කෘෂිකර්මය ඉගැන්වීම, ගෙවතු වගා කර්මාන්ත සදහා වෙන වෙනම අංශ බිහිකිරීමට බලාපොරොත්තු වන බවත්" එම ලිපියේ සදහන් වේ. නමුත් මෙකල දෙවන ලෝක යුද්ධය පැවතුනු බැවින් රජයේ ආධාර ලබන පෞද්ගලික පාසලක් ලියාපදිංචි කල නොහැකි බව දන්වා යවන ලදී. එහෙත් කළුතර බෞද්ධ සමිතිය 1941කට පෙර පාසල පටන් ගත යුතු බවට කරන ලද ඉල්ලීමකට ප්‍රථිපලයක් ලෙස කළුතර පාසල් පරීක්ෂක මේ පිලිබදව වාර්තාවක් ඉදිරිපත් කල අතර එහි උක්ත භූමිය අක්කර 11 බවත්, වර්තමාන අයිතිකරු සිරිල් ද සොයිසා බවත්, ගොඩනැගිල්ලේ සිසුන් 289 කට ප්‍රමාණවත් බවත්, යෝජිත පාසල මිශ්‍ර ජ්‍යෙෂ්ඨ ද්විතියික ඉංග්‍රීසි මාධ්‍ය පාසලක් බවත්, ළමුන් 150කට ප්‍රමාණවත් ලී බඩු සාදා තිබෙන පවත් සදහන් වේ. ඒ අනුව පාසලක් ආරම්භ කිරීමට කටයුතු යොදන ලදී. පලමුවෙන්ම පාසල ආරම්භ කිරීමට ලී බඩුත්, ක්‍රිකට් ක්‍රීඩාංගනයකුත්, පාපන්දු ක්‍රීඩාංගනයකුත්, බැඩ්මින්ටන් ක්‍රීඩා පිටියකුත්, අත් පන්දු හා දැල් පන්දු ක්‍රීඩා සදහා අවශ්‍ය ස්ථානත් සකසන ලදී. 1941 ජනවාරි 6 වැනිදා ළමුන් 41 දෙනෙකු ඇතුලත් කරන ලදී. ජනවාරි 08 වනදා එක් අයෙක්ද, 09 වනදා එක් අයෙක්ද, 10 වනදා දෙදෙනෙක්ද, 11 වනදා තුන් දෙනෙක්ද, 13 වනදා අට දෙනෙක්ද ලෙස ළමුන් 56 දෙනෙකු හා ආචාර්ය මණ්ඩලය 11 දෙනෙකුගෙන් යුක්තව 1941 ජනවාරි මස 13 වනදින පෙ.ව 8.00ට කළුතර නාගොඩ මාටින් බංගලාවේදී කළුතර විද්‍යාලය ආරම්භ කරන ලදී.


Kalutara Vidyalaya was founded in Kalutara on 6 January 1941 by Sir Cyril De Zoysa. The college was formed as the twin brother of Kalutara Balika Vidyalaya, the girls' school. On 13 January 1941 the college officially started with 11 teachers and 56 students. After only six months, the college became a senior secondary school. At the beginning, Kalutara Vidyalaya at the Martin Bungalow was a mixed school. On 7 January 1942, Kalutara Balika was established in Clammily House by Mr. P. de S. Kularatne, so Kalutara Vidyalaya became a boys' school. The first chapter of Kalutara Vidyalaya ended on 18 March 1942, when the Royal Air Force took the school for their use during World War II. After a short break, Kalutara Vidyalaya was restarted at Kalutara Balika Vidyalaya. Sir Cyril De Zoysa noticed that it is hard to develop two schools and handed over his Brookline House to the Kalutara Balika Vidyalaya. In April 1946, the college began free education and was handed over to the government. In 1998 the college became a National School. Today the school has about 3,500 students and more than 120 teachers.

5 comments: