:::: MENU ::::
  • Copyright © 2020 Kalutara Vidyalaya Old Boys' Association

  • Kalutara Vidyalaya

  • V-Class Online Class Room

Wednesday, May 6, 2020

ඉදිකට්ටෙ ඉදල හැම දෙයක්ම අපි හරිම පරිස්සමෙන් පාවිච්චි  කරපු ජාතියක් .ඒක ලෝභකම නෙමේ අරපිරිමැස්ම .සබන් කෑල්ල පාවිච්චියට පෙර අලුමීනියම් කොල කැබැල්ලක් එක පැත්තක ඇලෙව්ව නිරපරාදෙ දිය වෙන එක වළක්වන්න .පැන්සල් කොට වෙනකම් ලිව්ව.ඊට පස්සෙ ඒකෙ පෑන් විල්ලක් සවි කරල තව ටිකක් දික්කර ගත්ත.ඒකත් කොට උනාම තමයි විසිකළේ.මකනය පැන්සලේ ගැටගහගෙන තමයි පරිස්සම් කළේ. පෑනක් ඉවර වෙනකන් ලියපුවම තමයි වෙන පෑනක් අපට අරන්දෙන්නෙ. කලිසම් කමිස අන්ඩ දාලත් අදිනව.මේ විදිහට ඕනතරම් දෙවල් කියන්න පුලුපුලුවන් .ඔබේ දෙමාපියන්ගෙන් තව ව්ස්තර දැනගන්න පුලුවන් .

ඒත් අද තත්ත්වය කොහොමද?

ඔබ බලන්න ඔබේ පැන්සල් පෙට්ටිය දිහා.පෑන් කොපමණ තියෙනවද? පැන්සල් කීයක් තියෙනවද?කිසිම දවසක පෑනක් ඉවර වෙනකන් ලියල තියෙනවද ?මේ සියල්ලට අපි ගෙවන මුදල් වැඩි කොටසක් යන්නෙ වෙන රටවලට.අපි එක්කෙනෙක් එක දවසට එක හාප් ෂීට් කොළය බැගින් නාස්තිකළා කියල හිතන්න

සිසුන් ලක්ෂ 40න්20ක් මේ ආකාරයට නාස්ති කළහොත් කොල ලක්ෂ 20ක් නාස්ති වෙනව.එකක් රුපියලක් වෙනව කියල ගත්තොත් දවසට සිසුන් රුපියල් ලක්ෂ 20ක් නාස්ති කරනවා .මේ ආකාරයට වසරකට නාස්ති වෙන මුදල කොපමණද  මේ සියල්ල රටේ සංවර්ධනයට තිබෙන මුදල්.මේ උදාහරණය ඉතා සුලු එකක්. එසේනම් රටේ වන නාස්තිය කොපමනදැයි ඔබට පැහැදිලි ඇති. මේව විතරක් නෙමේ,ඔබ පාසලේදී වතුර බොද්දී කොපමන ඉවත යනවද ? ඉවත නොයන පරිදි ජලය පානය කිරීමට භාජනයක් භාවිත කළ යුතුයි.නැත්නම්  දැනටමත් අපේ රටේ සමහර පලාත්වල මෙන් වතුර බොන්න වෙන්නෙ සල්ලිවලට.

මේ ආකාරයට බලන කොට ඔබ ලියන පැන්සලෙන් පටන්ගෙන අරපිරිමැස්ම පුරුදු වෙන්න  නැත්නම් ඔබ නායකයන් වන වකවානුවේත් අපේ රට සංවර්ධනය වෙමින් පවතින රටක් යැයි ඔබේ ඉදිරි පරම්පරාවටත් කියන්න සිදුවේවි .

එම්.හර්ෂණ පීරිස්
විදුහල්පති
කලුතර විද්‍යාලයය

Tuesday, May 5, 2020

COVID 19 වසංගත තත්වය හේතුවෙන් අඩාල වූ පාසලේ ඉගැන්වීමේ කටයුතු අඛණ්ඩව කරගෙන යාමේ අරමුණෙන්, විද්‍යාලයීය ආදී ශිෂ්‍ය සංගමය මගින් පවත්වන  සජීවී ඉගැන්වීම් මාලාවට ඔබටත් එකතු වීමේ හැකියාව ඇත.

You can join the College Past Pupils Association's live tutorial series to continue the teaching of the school.



දිනපතා පැවැත්වෙන සජීවී පන්ති කාමරයට පහත Link  එක මගින් ඔබට සම්භන්ද විය හැකයි.


Saturday, May 2, 2020

කළුතර විදුහල් මවගේ දරුවන් හට ගෙදර සිටම තම ඉගෙනුම් කටයුතු කරගෙන යාම සඳහා විදුහල් ආදී ශිෂ්‍ය සංගමය මගින් ඔබට ලබා දී ඇති V-Class ගොනුව ක්ලික් කරන්න.


Wednesday, April 22, 2020